උණුසුම් පුවත්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ මාධ්‍ය හමුව

ඉරානයට අයත් “IRIS Bushehr” නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, නෞකාවේ සිටින 208 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු සීමාව සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයක යුද හෝ ගැටුම් තත්ත්වයකදී පක්ෂපාති ලෙස භාවිත කිරීමට ඉඩ නොදෙන බවයි.

තවද, වෙනත් රටකට පීඩාවක් හෝ අහිතකර තත්ත්වයක් ඇති වන ආකාරයෙන් ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමටද කිසිසේත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

 

“ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය, අපි අපේ භූමිය, අපේ මුහුදු කාලාපයන්, අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙනදෙන ආකාරයේ කටයුතු කරන්න ඉඩදෙන්නේ නැහැ. එ තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේම අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ නෞකාවන් දෙකක් පිළිබඳව ප්‍රශ්නය මතුවී තිබෙන්නේ එහිදීත් අපි අනුගමන කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය. ඒ වගේම ජාතියක් සහ රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථාභාවය ආරක්ෂාකරන ගමන් මුනුෂත්වය අපි අංක එකට තියෙනවා. ඒ නිසා අපි කිසිසේතම පැකිලෙන්නේ නැහැ මනුෂත්වය ආරක්ෂා කර ගැනීම සඳහා, මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තිබෙනවානම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ.  මම හිතනවා එය තමයි රාජ්‍යයකට ගතයුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්‍රතිපත්තිවල ඉදගෙන කටයුතු කරනවා.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button