යුද්ධ සහ ගැටුම්

ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩාංගණයට ගිනි – Azadi පිටිය දැඩි ලෙස විනාශ වෙයි

ඉරානයට එල්ල වූ නවතම ප්‍රහාර මාලාවක් අතරතුර ටෙහ්රානයේ පිහිටි ප්‍රසිද්ධ Azadi Stadium ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය දැඩි ලෙස විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය විකාශන සේවය වාර්තා කරයි.

වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර පාපන්දු තරග, ක්‍රීඩා ඉසව් සහ විශාල ජන රැස්වීම් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිත වූ මෙම ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එහි විශාල කොටසක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉරාන මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර ඇති වීඩියෝ දර්ශනවලින් දක්නට ලැබෙන්නේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර සහ අභ්‍යන්තර ගොඩනැගිලි ව්‍යුහයන්ට දැඩි හානි සිදුව ඇති බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button