ප්‍රධාන පුවත්

නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිතයි – සජබෙන් චෝදනා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බව ය.

 

තව දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි එක් කොටසක් මේ වන විට අඩු ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවත් එතුමන් සදහන් කලේය.

 

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, 

 

“නොරොච්චෝලය විදුලි බලාගාරයේ බරපතළ තත්ත්වයක් තියෙනවා එකේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් නතර වෙලා තියෙනවා. ඒ නිසා එක ප්ලාන්ට් එකක් දුවන්නේ අඩු ධාරීතාවයෙන්. ඒ වගේම ධුමාරය වැඩිපුර නිකුත්වෙනවා.” යනුවෙනි.

 

මේ අතර  අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසා සිටියේ බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් නොරොච්චෝලය විදුලි බලාගාරයෙහි එක් කොටසක වැඩකටයුතු නතර කිරීමට සිදුව ඇති බව ය.

 

එතුනන් සඳහන් කළේ, මේ වෙද්දී බලාගාරයේ එක් පද්ධතියක චිමිනියෙන් දැඩි ලෙස කළු දුමක් නිකුත් වෙමින් පවතින බවයි.

 

තවද එහි ස්ථාපිත කර තිබූ ෆිල්ටර් පද්ධතිය ඉවත් කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

 

“මේ වේලාව වෙනකොට නොරොච්චොලය බලාගාරයේ එක ප්ලාන්ට් එකක චිමිනියෙන් කළු දුමක් යනවා. ඉතාමත්ම ප්‍රභල ලෙස එම දුම ඒ ප්‍රදේශය වහගෙන තියෙනවා. ඒකට හේතුව තමයි බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී මේ බලාගාරයේ වැඩකටයුතු නතර කරන්න සිදුවුණා එක ප්ලාන්ට් එකක. දැන් මේ චිමිනියේ තියෙන ෆිල්ටර් සිස්ටම් එක අයින් කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ දේ නිසා ඒ ප්‍රදේශයේම බරපතළ ලෙස පරිසර හානියක් සිදුවෙලා තියෙනවා.” ලෙසය

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button