
ප්‍රධාන පුවත්
ජනපතිගෙන් UAE ජනාධිපතිට දුරකථන ඇමතුමක් – ප්‍රහාර හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහය පළ කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
එම සංවාදයේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳව තම කනගාටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ සමඟම, සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකිමින්, එවැනි අභියෝගාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එකට සිටින බවත්, පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
මෙම කරුණු ජනාධිපතිවරයා විසින් සිය X (Twitter) ගිණුම ඔස්සේ පළ කළ සටහනකද සඳහන් කර තිබේ.



