
එල්ල වූ අමෙරිකා–ඊශ්‍රායල ප්‍රහාර UN ප්රඥප්තියට පටහැනි – එක්සත් ජාතීන්ගේ සංවිධානය
යුදමය උත්සන්නතාවයන් අතර ඉරානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ විමර්ශනය කරමින් සිටින United Nations හි ඉරානය සඳහා පිහිටුවා ඇති ස්වාධීන ජාත්‍යන්තර සත්‍ය සෙවීමේ මෙහෙයුම (UN Independent International Fact-Finding Mission on Iran) අමෙරිකාව හා ඊශ්‍රායලය විසින් එල්ල කර ඇති ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක තිබේ.
එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයකට අනුව, ඉරානය ඉලක්ක කර ගනිමින් සිදුකර ඇති මෙම හමුදා ප්‍රහාර United Nations ප්රඥප්තියේ මූලධර්ම හා නීතිමය ප්‍රතිපත්තිවලට පටහැනි බව අවධාරණය කර ඇත.
තවද, වර්ධනය වන යුදමය තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහ මූලික මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා සියලු පාර්ශව වගකීම් සහිතව කටයුතු කළ යුතු බවද එම නිවේදනය මඟින් සඳහන් කර තිබේ.
“මෙම ප්‍රහාර… ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය භාවිතා කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට පටහැනි වේ,” යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.
මෙම විමර්ශන කණ්ඩායම පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර නීතියට ගරු කරමින් කටයුතු කිරීම සියලුම පාර්ශවයන්ගේ වගකීමක් බවයි.



