ප්‍රධාන පුවත්

කොළඹ–මීගමුව පාරේ අද රාත්‍රියේ රථවාහන සීමාවේ

කඳාන පොලිස් වසමට අයත් හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන වෙසක් මහා පෙරහැර හේතුවෙන් අද (23) දිනයේ කොළඹ–මීගමුව ප්‍රධාන මාර්ගයේ සහ අවට මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට සීමා පැනවෙන බව පොලිසිය විසින් දැනුම්දී තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි 2026.05.23 දින රාත්‍රී 7.00ට පෙරහැර වීථි සංචාරය ආරම්භ වන අතර එය විහාරස්ථානයේ සිට කඳාන නගරය හරහා ගම්පහ–කඳාන මාර්ගය සහ කොළඹ–මීගමුව ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

මෙම පෙරහැර රාත්‍රී 7.00 සිට 10.30 දක්වා ගම්පහ–කඳාන මාර්ගයේ රාගම වැව හන්දිය සිට මීගමුව මාර්ගයේ ගණේමුල්ල මංසන්ධිය දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.

ඉන් අනතුරුව රාත්‍රී 10.30 සිට පසුදින අලුයම 1.00 දක්වා කොළඹ–මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ගණේමුල්ල මංසන්ධිය සිට ආනියාකන්ද රෝහල් හන්දිය දක්වා පෙරහැර ගමන් කිරීමට නියමිතය.

එම කාලසීමාව තුළ කොළඹ දෙසට යන මංතීරු දෙකම වසා තැබීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි. ඒ අනුව එම මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button