ප්‍රධාන පුවත්

කපිල චන්ද්‍රසේන ඇප මත නිදහස්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියම කර තිබේ. එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

ඉකුත් 28 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න මහතා විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබූ අතර, ඊට අල්ලස් කොමිසම නියෝජනය කළ නිලධාරීන් විරෝධය පළ කර තිබුණි.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ ඇප ඉල්ලීම පිළිබඳ තීරණය අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button