
ප්රධාන පුවත්
අකුණුසැරින් ලාහුගල පුද්ගලයෙක් ජීවිතක්ෂයට
පොතුවිල්, ලාහුගල ප්රදේශයේදී අකුණුසැර වැදීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා ලාහුගල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු කුඹුරක ගසක් මත ඉදිකර තිබූ පැලක රැඳී සිටියදී අකුණුසැරට ලක්ව ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොතුවිල් පොලිසිය විසින් ක්රියාත්මක කරමින් පවතී.



