ක්‍රීඩා

LPL 2026ට රටවල් 21කින් ක්‍රීඩකයින් 650කට වැඩි පිරිසක් ලියාපදිංචි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (23) නිල වශයෙන් නිවේදනය කළේය.

මෙවර තරගාවලියට ICC පූර්ණ සාමාජිකත්වය දරන සියලු රටවලින් මෙන්ම අර්ධ සාමාජිකත්වය දරන රටවල් කිහිපයකින්ද ක්‍රීඩකයින් ඉදිරිපත්ව සිටීම විශේෂත්වයකි.

ඒ අනුව ලොව රටවල් 21කින් ක්‍රීඩකයින් LPL තරගාවලිය සඳහා ලියාපදිංචි වී තිබේ.

වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් පාකිස්තානයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව 102කි. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව්වෙන් 75ක්, දකුණු අප්‍රිකාවෙන් 66ක්, බංග්ලාදේශයෙන් 48ක් සහ නවසීලන්තයෙන් 41ක් ලියාපදිංචි වී ඇති බව සඳහන්ය.

තවද ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් 24ක්, එංගලන්තයෙන් 15ක් සහ ඉන්දියාවෙන් 12ක් මෙවර තරගාවලිය සඳහා නාම ලේඛනයට එක්ව තිබේ.

අමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අර්ධ සාමාජික රටවලින්ද ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරින් 310 දෙනෙකු විශේෂ ඇගයීම් ක්‍රියාවලියකින් පසුව අවසන් වටය සඳහා තෝරා ගැනීමට නියමිත අතර, ඔවුන් ජුනි 1 වැනිදා පැවැත්වෙන නිල Player Draft සඳහා ඇතුළත් කෙරේ.

6 වැනි වරට සංවිධානය වන LPL තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වී අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button