
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2019 වසරේදී දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ වෙන් කරන ලද රුපියල් මිලියන 16.5ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබූ අතර, එම පුටු මිලදී ගැනීමේදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරාගෙන එම ආයතනයට වාසියක් සැලසූ බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ ක්‍රියාවලිය හේතුවෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවට සැකකරමින් මෙම විමර්ශනය සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන ලේකම්වරයා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



