
ප්‍රධාන පුවත්
බද්දේගම වෙඩිතැබීමෙන් දෙදෙනෙකු මරුට
බද්දේගම වෙඩිතැබීමෙන් දෙදෙනෙකු මරුට. බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
තුවාල ලැබූ පිරිමි පුද්ගලයා පසුව මියගිය අතර, ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් ද අද පෙරවරුවේ මියගොස් තිබේ.
ඒ අනුව බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.



