
2026 උසස් පෙළ විභාගය සඳහා සිසුන්ට විශේෂ දැනුම්දීමක්
2026 උසස් පෙළ විභාගය අගෝස්තු 10 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති අතර, විදුහල්පතිවරුන් විසින් තම පාසලට අදාළ ප්‍රවේශ පත්‍ර එම කාර්යාලවල විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ලබාගත යුතු බව සඳහන් කර ඇත.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් ලබාදුන් පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගෙන ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධන අවශ්‍ය නම්, විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එම සංශෝධන සිදු කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන්ටද තම ප්‍රවේශ පත්‍රවල සංශෝධන අවශ්‍ය නම්, අදාළ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් මාර්ගගතව එම නිවැරදි කිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
ප්‍රවේශ පත්‍ර සංශෝධන සඳහා ලබාදී ඇති කාලය අගෝස්තු 03 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන අතර, එම කාලසීමාව කිසිදු හේතුවක් මත නැවත දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
විභාගය සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් සඳහා,
1911 – ක්ෂණික ඇමතුම් අංකය
011-2784208 / 011-2784537 – දුරකථන අංක
011-2784422 – ෆැක්ස් අංකය
gcealexamsl@gmail.com – විද්‍යුත් තැපෑල
ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ විය හැකි බව දැනුම් දී තිබේ.



