
උණුසුම් පුවත්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාජයයි
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 116කින් පරාජයට පත්විය.
ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 36 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව මන්ත්‍රීවරුන් 152 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ.
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම අමාත්‍යවරයා නිසි ලෙස ඉටු නොකළ බවට චෝදනා කරමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.



