ප්‍රධාන පුවත්

කිලිනොච්චියේ නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 10ක් නාවික හමුදා අත්අඩංගුවට

කිලිනොච්චි ඉරණතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන සිටි පුද්ගලයින් දස දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (23) අලුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් සමඟ මුහුදු කූඩැල්ලන් 1,232ක්, ඩිංගි යාත්‍රා තුනක් සහ කිමිදුම් උපකරණද භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

සෝදිසි මෙහෙයුම අතරතුර සැකකටයුතු ලෙස ගමන් කළ ඩිංගි යාත්‍රා තුනක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අවුරුදු 29 සිට 54 දක්වා වයසැති මන්නාරම පල්ලමුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන්, අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමට කටයුතු කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button