Tech

Meta විසින් Messenger වෙබ් අඩවිය 2026 අප්‍රේල් සිට

වසර ගණනාවක් පුරා ස්වාධීනව ක්‍රියාත්මක වූ messenger.com වෙබ් අඩවිය 2026 අප්‍රේල් මාසයෙන් පසු අත්හිටුවීමට Meta Platforms සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, එම දිනෙන් පසු messenger.com වෙත පිවිසෙන පරිශීලකයින් ස්වයංක්‍රීයව facebook.com/messages වෙත යොමු කෙරෙනු ඇත. මෙය Messenger සේවාව නැවතත් ප්‍රධාන Facebook වේදිකාව සමඟ ඒකාබද්ධ කිරීමේ තවත් පියවරක් ලෙස සැලකේ.

මීට පෙර Windows සහ Mac සඳහා තිබූ Messenger ඩෙස්ක්ටොප් යෙදුම්ද අත්හිටුවා තිබූ අතර, නව තීරණයත් සමඟ පරිගණකයක් හරහා Messenger පමණක් භාවිතා කිරීමේ හැකියාව අවසන් වේ. විශේෂයෙන් Facebook ගිණුමක් නොමැතිව Messenger පමණක් භාවිතා කළ පිරිසට මෙය බලපානු ඇත.

කෙසේ වෙතත්, සියලුම chat history ආරක්ෂිතව පවතින අතර, පරිශීලකයින් සකස් කර ඇති PIN අංකය භාවිතයෙන් ඒවා නැවත ලබාගත හැකි බව සඳහන් වේ.

2008 දී “Facebook Chat” ලෙස ආරම්භ වූ මෙම සේවාව 2011 දී ස්වාධීන App එකක් ලෙස හඳුන්වා දෙන ලදී. නමුත් 2023 සිට Messenger සේවාව නැවතත් Facebook තුළට ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

මෙම තීරණය පිළිබඳව බොහෝ පරිශීලකයින් නොසතුට පළ කර ඇති බවද වාර්තා වන අතර, Meta සමාගම තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button