
2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරින් මිරිස්ස 5, බෙන්තොට 7
ලොව ප්‍රසිද්ධ සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කළ 2026 වසරේ “Travelers’ Choice Awards – Best of the Best” ශ්‍රේණිගත කිරීම් අනුව, ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට තේරී පත්ව තිබේ.
මෙහිදී Mirissa වෙරළ තීරය 5 වන ස්ථානය ලබාගෙන ඇති අතර, Bentota වෙරළ තීරය 7 වන ස්ථානය හිමිකරගෙන ඇත.
Tripadvisor අනුව “Best of the Best” සම්මානය පිරිනමන්නේ සංචාරකයින්ගේ ඉහළම සමාලෝචන සහ ප්‍රසාදය පදනම් කරගනිමිනි. පසුගිය මාස 12 තුළ ලොව පුරා සංචාරකයින් විසින් ලබාදුන් විශාල සමාලෝචන ප්‍රමාණයක් මෙහිදී විමර්ශනයට ලක් කර ඇත.
දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස ස්වභාවික සුන්දරත්වය, නිසල ජලය සහ සර්ෆින් සඳහා සුදුසු තත්ත්වයන් හේතුවෙන් ජනප්‍රිය වේ. විශේෂයෙන් Coconut Tree Hill ආශ්රිත හිරු බැස යන දර්ශනය සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණයට ලක්ව තිබේ.
ජල ක්‍රීඩා සඳහා ලොව ප්‍රසිද්ධ ගමනාන්තයක් ලෙස හැඳින්වෙන බෙන්තොට, සර්ෆින් පහසුකම් සහ විශාල සුදු වැලි තලාව හේතුවෙන් සංචාරකයින් අතර ඉහළම මනාපයක් දිනාගෙන ඇත.
2026 වසරේ ආසියාවේ හොඳම වෙරළ තීරයන් ලයිස්තුව පහතින් දැක්වේ.
01. Banana Beach (Phuket)තායිලන්තය
02. Kelingking Beach (Nusa Penida)ඉන්දුනීසියාව
03. Radhanagar Beach (Havelock Island)ඉන්දියාව
04. Palolem Beach (Canacona)ඉන්දියාව
05. Mirissa Beach ශ්‍රී ලංකාව
06. White Beach (Panay Island)පිලිපීනය
07. Bentota Beach ශ්‍රී ලංකාව
08. Railay Beach (Krabi)තායිලන්තය
09. Nusa Dua Beach (Bali)ඉන්දුනීසියාව
10. Cenang Beach (Langkawi)මැලේසියාව
මෙම ජාත්‍යන්තර ඇගයීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු නොඅනුමානය.



