
උණුසුම් පුවත්
කෑගල්ලේ වාහන 7ක් ගැටුණු අනතුරින් කාන්තාවක් මරුට
කෑගල්ල, මොළගොඩ මංගලගම ප්‍රදේශයේ අද (22) අලුයම සිදුවූ බරපතළ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, අද පෙරවරු 1.15ට පමණ නුවරඑළිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රථවාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරට වාහන 7ක් පමණ සම්බන්ධ වී ඇති අතර, ඉන් කිහිපයක් රියදුරු පුහුණු පාසලකට අයත් වාහන බවද වාර්තා වේ.
තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර, මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය කර නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



