
ප්‍රධාන පුවත්
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට පැය 13ක ජල කප්පාදුවක් අද
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට පැය 13ක ජල කප්පාදුවක් අද
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය ලබාදෙන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරීම හේතුවෙන් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.
මෙම ජල කප්පාදුවට පෑලියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදූව නගර සභා බලප්‍රදේශ ඇතුළත් වේ.
ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
එසේම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ඇතැම් කොටස් සඳහා ද මෙම ජල කප්පාදුව බලපානු ඇති බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.



