උණුසුම් පුවත්

කැලණිය සරසවියට නව කුලපතිවරයෙක්

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කර තිබේ.

මෙම පත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව සඳහන් වේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත නිල වශයෙන් පිළිගන්වා තිබේ.

ඒ අනුව, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස අද සිට සිය ධුරයේ කටයුතු භාරගනු ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button