
ක්‍රිෂ් ගනුදෙනුවේ නාමල් රාජපක්ෂගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්
ක්‍රිෂ් ගනුදෙනුවේ නාමල් රාජපක්ෂගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් තොරතුරු විමසා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුවේ නාමල් නඩුවට අදාළ ඉන්දීය සාක්ෂිකරුවන් ගැන අධිකරණයෙන් නියෝගයක්
අදාළ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු වෙත අධිකරණ සිතාසි භාරදී තිබේද යන්න පිළිබඳව එම කොමසාරිස් කාර්යාලයෙන් විමසා ලබන ජනවාරි 18 වනදා අධිකරණය දැනුවත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කර ඇත්තේ.
අද (16) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් එම නියෝගය ලබාදී තිබේ.
නඩුව විභාගයට කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
මෙම නඩුව නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබේ.



