ප්‍රධාන පුවත්

සෞඛ්‍යාරක්ෂිත පලතුරු ඉදවීමේ කුටීරයක් අනුරාධපුරයේ විවෘත කෙරේ

සෞඛ්‍යාරක්ෂිත පලතුරු ඉදවීමේ කුටීරයක් අනුරාධපුරයේ විවෘත කරයි

සෞඛ්‍යාරක්ෂිත පලතුරු ඉදවීමේ ක්‍රම ප්‍රචලිත කිරීමේ අරමුණින් ඉදිකරන ලද නව පලතුරු ඉදවීමේ කුටීරයක් පසුගියදා අනුරාධපුර නගරයේදී විවෘත කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත පලතුරු ඉදවීමේ ක්‍රම දිවයින පුරා හඳුන්වාදීමට සැලසුම්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කුටීරය විවෘත කිරීම සිදු කර ඇත.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සංවර්ධන වැඩසටහනකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

ආහාරවල තත්ත්වය පරීක්ෂා කිරීම, ගුණාත්මක ආහාර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම, ප්‍රමිති සහතික නිකුත් කිරීම මෙන්ම ඒ සම්බන්ධ පර්යේෂණ සිදු කිරීම ද එම ආයතනයේ ප්‍රධාන කාර්යයන් අතරට අයත් වේ.

මෙම අවස්ථාවට සමගාමීව ප්‍රදේශයේ පලතුරු වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයන්ට ප්‍රවාහන කටයුතු පහසු කරගැනීම සඳහා භාවිත කළ හැකි කූඩා බෙදාදීමක් ද සිදු කර ඇත.

ජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් සෞඛ්‍යාරක්ෂිත පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වාදීමේ වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button