
ඔස්ට්‍රේලියාව සමග වෙළෙඳ හා සංචාරක සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට අවධානය
නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ආවරණය කරමින් සිදුකරන නිල සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (31) ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.
අමාත්‍යවරයා සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් එරට පාර්ලිමේන්තු නියෝජිතයන්ට ස්තූතිය පළ කළ බවයි.
මෙම හමුවේදී දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, රාජ්‍ය මට්ටමේ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සහ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට සහයෝගය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෙළෙඳ හා සංචාරක ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.



