විදෙස්

ලෙබනනයේ මෙහෙයුම් වැඩි කිරීමට ඊශ්‍රායලයෙන් නියෝග

ලෙබනනය තුළ ක්‍රියාත්මක හමුදා මෙහෙයුම් තවදුරටත් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය benbenjamin netanyahu ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ බලපෑම පවතින ප්‍රදේශවල ආරක්ෂක පාලනය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බවයි.

විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ සිරියාව, ගාසා තීරය සහ ලෙබනනය තුළ සිදු කරන හමුදා ක්‍රියාකාරකම්වල මූලික අරමුණ ඊශ්‍රායල ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම බවය.

එමෙන්ම කලාපයේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවශ්‍ය මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button