
දන්සල් 17,761ක් PHI විශේෂ පරීක්ෂාවට
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කළ දන්සල් ආශ්‍රිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව මැයි 29, 30 සහ 31 යන දින තුළ පමණක් දන්සල් 17,761ක් සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.
එම නිරීක්ෂණ අතරතුර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය නොකළ සහ විවිධ අඩුපාඩු සහිතව පවත්වාගෙන ගිය දන්සල් 148ක් හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත්, ජනතාවට ඇතිවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමින් එම දන්සල් වසා දැමීමට කටයුතු නොකළ අතර, පවතින සෞඛ්‍ය ගැටලු කඩිනමින් නිවැරදි කරගන්නා ලෙස සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
අදාළ අඩුපාඩු සකස් කිරීමෙන් අනතුරුව දන්සල් පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වෙසක් සතිය තුළ තවදුරටත් දන්සල් හා වෙසක් කලාප ඇතුළු ආගමික හා සංස්කෘතික උත්සව රැසක් පැවැත්වෙන බැවින්, මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත.



