උණුසුම් පුවත්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යයෙන් තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

එම ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ දියණිය, බෑණා සහ මුනුපුරා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Fars News Agency වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේ ඔහුට පවරා තිබූ රාජකාරි ඉටු කරමින් සිටියදී, ඔහුගේ කාර්යාල පරිශ්‍රය තුළදී මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි.

කමේනිගේ ඝාතනයෙන් පසු, ඉරානය පුරා දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද එරට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මීට පෙර Benjamin Netanyahu සහ Joe Biden විසින්ද අලි කමේනි ඝාතනයට ලක්ව ඇති බවට අදහස් ප්‍රකාශ කර තිබුණද, ඒ අවස්ථාවේ ඉරාන බලධාරීන් එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button