
අද සිට “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” ඇරඹේ
“රටම එකට ජාතික මෙහෙයුම”ට සමගාමීව ක්‍රියාත්මක කරන “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද (01) සිට ආරම්භ වේ.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව විසින් අදින් ආරම්භ වන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” ලෙස නම් කිරීමට තීරණය කර තිබේ. එම තීරණයට අනුව අංක 07/2026 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.
මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය අලෙවිය පාලනය හා මර්දනය කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම යන ප්‍රධාන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ය. ඒ සඳහා අවශ්‍ය ජනතා දැනුවත්භාවය වර්ධනය කර සමාජය තුළ ඵලදායී කතිකාවතක් ගොඩනැගීම ද මෙහි අරමුණකි.
ඒ අනුව, සතිය පුරා රාජ්‍ය ආයතන, පාසල් සහ බිම් මට්ටමින් විශාල දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. අමාත්‍යාංශ සහ ඒවාට අනුබද්ධ ආයතනවල නිලධාරීන්ගේ සෘජු දායකත්වයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.
පාසල් ගුරුවරුන්, සිසුන් සහ පොදු මහජනතාව ඉලක්ක කර විවිධාංගීකරණය කරන ලද නව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත. එමෙන්ම පොදු ප්‍රවාහන සේවාවන්හි නියුතු බස් රථ, ත්‍රිරෝද රථ සහ පාසල් ප්‍රවාහන රථ යොදාගෙන ප්රචාරක ක්‍රියාකාරකම් ද පැවැත්වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනය කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන හරහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සහ අනෙකුත් මැදිහත්වීම් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. මෙම ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීමට පුළුල් සමාජ දැනුවත්භාවය අත්‍යවශ්‍ය වන අතර, එය වර්ධනය කිරීම මෙම වැඩසටහන් මගින් අපේක්ෂා කෙරේ.



