
ශ්රී ලංකාවේ මාර්ග තදබදය ලෝකයේ තෙවන තැනට
ශ්රී ලංකාව ලෝක මාර්ග තදබද දර්ශකයේ තෙවන ස්ථානයට
ශ්රී ලංකාවේ මාර්ග තදබදය ලෝකයේ ඉහළම මට්ටමක පවතින බව නවතම රථවාහන දර්ශක වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් සහිත රටවල් අතර ශ්රී ලංකාව තෙවන ස්ථානයට පත්ව ඇති අතර, ආසියානු කලාපයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රට ලෙසද ශ්රී ලංකාව නම් කර ඇත.
ලොව ජීවන වියදම් සහ ජීවන තත්ත්ව දත්ත විශ්ලේෂණය කරන “නම්බියෝ” වෙබ් අඩවිය විසින් නිකුත් කළ 2026 මැද භාගයේ රථවාහන දර්ශකයට අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.
එම වාර්තාවට අනුව ලොව වැඩිම මාර්ග තදබදයක් සහිත රට ලෙස නයිජීරියාව පළමු ස්ථානයේ පසුවන අතර, දෙවන ස්ථානය කොස්ටරිකාවට හිමිව ඇත.
එමෙන්ම අඩුම මාර්ග තදබදයක් ඇති රට ලෙස එස්තෝනියාව සඳහන් කර ඇති අතර, ඔස්ට්රියාව සහ ෆින්ලන්තයද අඩු මාර්ග තදබදයක් සහිත රටවල් ලෙස දක්වා තිබේ.
ගමනාන්තයක් වෙත ළඟා වීමට ගතවන කාලය, ඒ සඳහා වැයවන ඉන්ධන ප්රමාණය සහ රථවාහන තදබදය හේතුවෙන් සිදුවන අකාර්යක්ෂමතා සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කර ඇත.
රථවාහන දර්ශකය තුළ ගමන් කාලය, තදබදය නිසා ඇතිවන අපහසුතා, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සහ සමස්ත ප්රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව වැනි කරුණු ඇතුළත් වේ. ඒ අනුව නගරයක ගමනාගමන තත්ත්වය පිළිබඳ සමස්ත අවබෝධයක් ලබාදීම මෙම දර්ශකයේ අරමුණ බව සඳහන් වේ.



