ප්‍රධාන පුවත්

ආදායම් බදු ගෙවීමට අද අවසන් දිනය

 

ආදායම් බදු ගෙවීමට අද (30) අවසන් දිනය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ අවසන් ආදායම් බදු ගෙවීම අද දිනය තුළ සිදුකරන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

සමාගම්, පුද්ගලික සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ගෙවන බදු ගෙවන්නන් විසින් ගෙවීම් කාල සීමා සංකේතය ලෙස 25260 භාවිත කළ යුතුය.

ඒ අනුව සමාගම් ආදායම් බදු සඳහා Tax Type Code 02, පුද්ගලික ආදායම් බදු සඳහා Tax Type Code 05 සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු සඳහා Tax Type Code 09 යොදාගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

බදු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සලසා ඇති අතර, ඕනෑම ලංකා බැංකු ශාඛාවක් වෙත ගොස්ද ගෙවීම් සිදුකළ හැකිය.

නියමිත අවසන් දිනයෙන් පසුව බදු ගෙවීමේදී පොලී සහ දඩ මුදල් අය කෙරෙන බැවින්, නියමිත කාලය තුළ ගෙවීම් සිදුකරන ලෙස දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1944 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button