
ප්‍රධාන පුවත්
සංචාරක පැමිණීම් ලක්ෂ 12ට ආසන්නයි
සංචාරක පැමිණීම් ලක්ෂ 12ට ආසන්න වෙයි
මෙරට සංචාරක පැමිණීම් 2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ලක්ෂ 12කට ආසන්න වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වසරේ සංචාරක ක්ෂේත්රය තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.
එමෙන්ම, සංචාරකයින්ගේ පැමිණීම හරහා මේ දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වැඩි විදේශ විනිමය ආදායමක් රටට උපයා ගැනීමට හැකිවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම වර්ධන තත්ත්වයත් සමඟ 2026 වසර සඳහා අපේක්ෂිත මිලියන 2.5ක සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



