ප්‍රධාන පුවත්

මාධ්‍ය පනත් කෙටුම්පතේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීම

මාධ්‍ය පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, අදාළ වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් එම වගන්ති සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම සිදුකරන්නේ නම්, පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවද කථානායකවරයා පෙන්වා දී තිබේ.

යෝජිත ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස

අදාළ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන් සඳහා ඉහළ වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වාදීම සහ එම ප්‍රමිතීන් පවත්වාගෙන යාම මෙම යෝජිත නීති සම්පාදනයේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button