
අර්ච්චුනා චෙන්නායි ගොස් විජේ හමුවීමේ උත්සාහයක
දෙමළ ජනතාව සම්බන්ධ ගැටලු පිළිබඳ තමිල්නාඩු මහ ඇමතිගේ අවධානය යොමු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ප්‍රකාශ කර ඇත.
තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ හෙවත් තලපති විජේ හමුවීමේ අරමුණින් මේ දිනවල චෙන්නායි නුවරට ගොස් සිටින අර්ච්චුනා මහතා, TVK පක්ෂයේ අමාත්‍ය රාජ්මෝහන් මහතා හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම කරුණු සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, මේ දක්වා ඔහුට විජේ මහතා හමුවීම සඳහා අවස්ථාවක් ලැබී නොමැති බවද වාර්තා වෙයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී අර්ච්චුනා මහතා,
“මට මහ ඇමැති විජේ මහතා හමුවෙන්න හැකිවෙයි කියලා ලොකු විශ්වාසයක් නැහැ.
විජේ මහතා තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දෙන අවස්ථාව සජීවීව දැකබලා ගන්න මට ලොකු ආසාවක් තිබුණා. නමුත් ඒ දවස්වල ලංකා පාර්ලිමේන්තුවේ කටයුතුවල නිරතව සිටි නිසා එය දැකබලා ගැනීමට නොහැකි වුණා.
තමිල්නාඩු ජනතාව ඓතිහාසික දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි වෙනසක් සිදුවිය නොහැකි බව ප්‍රබල දේශපාලන විචාරකයින් පැවසුවා. නමුත් මම දිගින් දිගටම කියා සිටියේ මෙවැනි වෙනසක් සිදුවන බවයි” යනුවෙන් පැවසීය.
තවද, දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමතිවරයා හඬක් නැගිය යුතු බවද ඔහු අවධාරණය කර තිබේ.



