ප්‍රධාන පුවත්

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන තරුණ යුවළක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රහසිගත තොරතුරක් මත පොළොන්නරුව දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වන තරුණයෙකු සහ 22 හැවිරිදි තරුණියක් වන අතර, ඔවුන් කටාන සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

වැටලීමේදී සැකකාර තරුණයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27ක් සහ තරුණිය සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 6,310ක් සොයාගෙන ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයද පොලීසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button