ප්‍රධාන පුවත්

පෙර පාසල් දරුවන්ටත් අත්පා වැසෙන ඇඳුම් අන්දවන්නැයි ඉල්ලීමක්

පෙර පාසල් දරුවන්ටත් අත්පා වැසෙන ඇඳුම් අන්දවන්නැයි ඉල්ලීමක්

 

පෙර පාසල් දරුවන්ට මදුරු ආරක්ෂාව සැලසීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසා පෙර පාසල් වෙත යොමු කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

පාසල් සිසුන් අතර ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් අත්පා ආවරණය වන සුදුසු ඇඳුම් භාවිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවසර ලබා දීමට පියවර ගෙන තිබුණි.

එම තීරණයට අනුව පෙර පාසල් දරු දැරියන්ද මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හැකි උපරිම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අමාත්‍යවරිය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ,

“ඒක පෙර පාසල් දරුවන්ට විශේෂයෙන් අදාළයි. මොකද පෙර පාසල් දරුවන් සඳහාත් දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් ගන්න පුළුවන් මදුරු විකර්ෂක භාවිත කරන්න. මදුරුවන් දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එක තමා දෙමව්පියන් හැමෝටම කියන්නේ. මේ අර්බුදය පාසල් තුළටත් පවතිනවා. ඉදිරි සති දෙකත් විශේෂයෙන් අවධානයෙන් පසුවිය යුතුයි.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button