
අයහපත් කාලගුණයෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පවුල් 7,482කට අයත් පුද්ගලයින් 28,933ක් විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ.
වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313ක් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. එම දිස්ත්‍රික්කයෙන් එක් මරණයක්ද වාර්තා වී තිබේ.
මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4,265ක්, කොළඹ දිස්ත්‍රික්කයේ 4,566ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 4,558ක්, කළුතර දිස්ත්‍රික්කයේ 141ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 80ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 07ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 03 දෙනෙකු කාලගුණික බලපෑම් හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බව වාර්තාවේ දැක්වේ.
මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 836ක් වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඉන් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එහි පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 530ක් වාර්තා වී තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 08කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කින් මෙම ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.



