දේශපාලන

අයවැයට පක්ෂව ඡන්දය දීමෙන් කොළඹ නාගරික මන්ත්‍රී ධුරය අහෝසි කෙරේ

කොළඹ මහා නගර සභාවේ සභිකාවක් ලෙස කටයුතු කළ මොහමඩ් බුහාරි ෆාතිමාගේ සොහාරා මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ලබාදුන් උපදෙස්වලට පටහැනිව ඇය අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම මෙම තීරණයට හේතුව බව වාර්තා වේ. එම කරුණ සලකා බැලීමෙන් පසු, ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය විසින් කටයුතු කර තිබේ.

ඒ අනුව, මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරිනී පියුමි ආටිගල මහත්මිය පියවර ගෙන ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button