
ප්‍රධාන පුවත්
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ආරම්භයි – කාර්මික දෝෂය සම්පූර්ණයෙන් විසඳා ඇත
තාවකාලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (12) පෙරවරුවේ පද්ධතියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුව තිබුණි. එම තත්ත්වය හේතුවෙන් අද දිනයේ දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණි පිරිසට, ලබන සඳුදා (16) දිනයේ නැවත පැමිණ තම විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා ලෙස දැනුම් දී ඇත.
දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පද්ධතියේ ඇති වූ දෝෂය මේ වනවිට සම්පූර්ණයෙන්ම විසඳා ඇති අතර, සේවා කටයුතු සාමාන්‍ය පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක වන බවයි.



