
උණුසුම් පුවත්
අම්පිටියේ සුමනරතන හිමියන් නැවත රිමාන්ඩ්
මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරතන හිමියන් ලබන 11 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මඩකලපුව ප්‍රදේශයේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ (07) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී උන්වහන්සේ අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබූ අතර, පසුව යළි සිදුකළ නඩු කටයුත්තේදී ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.



