උණුසුම් පුවත්

අනෝජන්ගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි

අනෝජන්ගේ මරණ දඬුවම අවලංගු කරයි

ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තහවුරු කර ඇත.

ඒ අනුව, අනෝජන් සිවරාසා මහතාට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම අවලංගු කර ඇති බව අදාළ නිවේදනය මගින් තහවුරු වේ.

එමෙන්ම, සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා සහ සෞදි අරාබි නීති කණ්ඩායම් ද මෙම කටයුත්ත වෙනුවෙන් දැක්වූ කැපවීම නියෝජ්‍ය අමාත්‍යවරයා අගය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button