ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ තීරණය කල්යයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ගොනු කළ අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කිරීම මේ මස 22 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.

අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එය ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී තිබේ.

පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button