ප්‍රධාන පුවත්

කෝපායි අල්ලියාවත්තේ අසල්වැසි ආරවුල ඝාතනයකින් අවසන් වෙයි

යාපනය කෝපායි අල්ලියාවත්ත ප්‍රදේශයේ ඇතිවූ අසල්වැසි ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 59ක් වූ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මූලික පොලිස් විමර්ශන අනුව, මරණයට පත්වූ පුද්ගලයා සහ අසල්වැසියන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් උග්‍රවීමෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 37 හා 63ක් වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය යාපනය ශික්ෂණ රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෝපායි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button