ප්‍රධාන පුවත්

වැල්ලම්පිටිය හා මට්ටක්කුලියෙන් හෙරොයින් සහ අයිස් සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට

 

වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 960ක් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරමින් පවතී.

එමෙන්ම මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අල්ලා ගෙන තිබේ.

අදාළ සැකකරු වයස අවුරුදු 42ක් වන සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 147 මිලිග්‍රෑම් 900ක් සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button