
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් රద్ద කිරීමේ පනත් කෙටුම්පත අද දෙවන වර කියවීමේ විවාදයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් රద్ద කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද (17) දිනයේ පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර, පෙරවරු 11.30 දක්වා කාලය ප්‍රශ්න සහ අනෙකුත් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.
පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
මෙම සතියේ දෙවන පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වන අතර එය ලබන 20 වනදා දක්වා පැවැත්වේ.
අද දිනයේ දී මැතිවරණ නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් ද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
හෙට (18) දිනයේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක් සහ මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගෙන අනුමත කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
සිකුරාදා දිනයේදී විපක්ෂය විසින් බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ගෙන එනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.



