
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීම්
මි.මී. 100 ඉක්මවූ තද වැසි අද (01) දිනයේත් ප්‍රදේශ කිහිපයකට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි වාර්තා විය හැකි බව සඳහන් වේ.
මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් තද සුළං හමා යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



