
උණුසුම් පුවත්
Trending
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කෙරේ
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 24 දෙනෙකු අතරින් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර තිබේ.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
එම නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (22) ප්‍රකාශයට පත් කරමින් සිටී.
ඒ අනුව විත්තිකරුවන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇති අතර, සෙසු විත්තිකරුවන් 09 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.



