ප්‍රධාන පුවත්

ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කිරීමට ගත් උත්සාහය වැළැක්වෙයි

ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාරය තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුළත් කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගෙන ඇත.

විමර්ශන අනුව, ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කිරීම සඳහා මෙම ද්‍රව්‍ය සූදානම් කර තිබූ බව අනාවරණය වී ඇත. සොයාගත් ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 590ක්, දුම්කොල ග්‍රෑම් 110ක්, දුම්කොල නැටි ග්‍රෑම් 540ක්, ජංගම දුරකථන 4ක් සහ චාජර් 23ක් ඇතුළත් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button