ප්‍රධාන පුවත්

හෝමාගමෙන් රු. ලක්ෂ 45ක ‘අයිස්’ සමඟ 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට

හෝමාගම ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත, අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ එක්ව ඊයේ (20) මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වන පුද්ගලයෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button