
විදෙස්
ඔස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීම් දෙකක් – පුද්ගලයින් 5 දෙනෙකු මරුට
ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ හිම කඳු කඩා වැටීම් දෙකක් හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, සංචාරකයන් අතර ජනප්‍රිය නිවාඩු නිකේතනයක් ආසන්නයේ ඇතිවූ හිම කඳු කඩා වැටීමකදී හිම ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
එම ප්‍රදේශයට ආසන්න තවත් ස්ථානයක සිදු වූ වෙනත් හිම කඳු කඩා වැටීමකින් ජර්මානු ජාතික පියෙකු සහ ඔහුගේ පුත්‍රයාද මරණයට පත්ව ඇති බව සඳහන් වේ.
මෙවර ශීත ඍතුව තුළ ඔස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීම් හේතුවෙන් මරණ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒවා අතර වැඩි ප්‍රමාණයක් ඇල්ප්ස් කඳු ආශ්‍රිතව වාර්තා වී තිබේ.



