
සෙවනගල සීනි කර්මාන්තශාලාව වසා දැමේ
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
පසුගිය 25 වැනිදා පස්වරු 2.00 සිට සෙවනගල ඒකකයේ සේවකයින් පිරිසක් රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු සඳහා සහභාගී නොවීමට කටයුතු කර තිබූ බව සමාගම සඳහන් කරයි.
ඒ අනුව, මූල්‍යමය අලාභය තවදුරටත් සිදුවීම වැළැක්වීම සඳහා පසුගිය 26 සහ 27 යන දිනවල අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයින් හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබා දීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මේ අතර, ඊයේ (28) නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා විසින් දැනුම් දී තිබූ බවද එම නිවේදනයේ සඳහන් වේ.
එහෙත් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමෙන් පසුවද සේවකයින් සිය වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇති බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ සියලු සේවකයින් කර ඇති දැනුම්දීම මෙසේය ,




