ප්‍රධාන පුවත්

අන්තර්ජාල සූදුවට බදු පැනවීමේ සැලසුමක්

අන්තර්ජාලය හරහා සිදුකරන ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා සඳහා බදු අය කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කර ඇත්තේ, එම ක්ෂේත්‍රය නිසි ලෙස නියාමනය කිරීමෙන් අනතුරුව අදාළ බදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සූදු ව්‍යාපාර නියාමනය කිරීමේ අරමුණින් පසුගිය වසරේ අදාළ පනත හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ නියාමන අධිකාරියක් පිහිටුවා අවශ්‍ය නීති හා රෙගුලාසි සකස් කිරීමට නියමිතය.

රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කර තිබේ.

එමෙන්ම, ඉදිරියේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා ඇති වක්‍ර බදු අඩු කිරීම සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button