
උණුසුම් පුවත්
අම්පිටියේ සුමනරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මඩකලපුවේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට
මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරතන හිමියන් හෙට (07) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා
මඩකලපුව ප්‍රදේශයේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කළ බව පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
එහිදී කරුණු සලකා බැලූ අධිකරණය උන්වහන්සේ හෙට (07) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.



